එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ අද දින බැලස්ටික් මිසයිල හයක් සහ ඩ්‍රෝන යානා 131 ක් විනාශ කිරීමට තම රටට හැකියාව ලැබුණ බවයි. කෙසේ වෙතත් මිසයිලයක් හා ඩ්‍රෝන යානා හයක් රට තුළට වැටුණ බවද එක්සත් අරාබි එමිරය පවසයි.
සෙනසුරාදා සටන් ආරම්භ වූ දා සිට බැලස්ටික් මිසයිල 196 ක් අනාවරණය වී ඇති බවත්, කෲස් මිසයිල අටක් ද හඳුනාගෙන විනාශ කර ඇති බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, ඔවුන් පකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණි විදේශිකයන් බවත්, ප්‍රහාර ආරම්භ වූ දා සිට පුද්ගලයින් 94 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අමාත්‍යාංශය පවසයි.